ප්‍රහාර නිසා සංචාරක කර්මාන්තයට වූ උපරිම බලපෑම මෙන්න

Share

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයන් සංචාරක කර්මාන්තයට පමණක් නොව, ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ලවූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් පවසයි.

විදෙස් මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඉන්දුනිසියාවේ බාලි, ප්‍රංශයේ පැරිස් සංචාරක ගමනාන්තයන්ටත් මෙවැනි ප්‍රහාර එල්ල වී ඇති බවත් තව ටික කලෙකින් මෙම තත්ත්වයෙන් ශ්‍රී ලංකාවටද යළි නැගී සිටිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර ප්‍රහාරවලින් එල්ල වූ බලපෑම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වූ උපරිම බලපෑම 20% ක් පමණ වනු ඇති අතර එය සංචාරකයින්ගේ සංඛ්‍යාව සහ ආර්ථික බලපෑම අනුව බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් පැවසීය.

Read more

Local News