කොළඹ රක්ෂණ සංස්ථා ගොඩනැඟිල්ලක සෝදිසි මෙහෙයුමක්

Share

සැක කටයුතු පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් හේතුවෙන්  ආරක්ෂක අංශ විසින් කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.

අද(02) උදෑසන ලද තොරතුරක් මත ගොඩනැඟිල්ලේ සිටි සියලු පුද්ගලයින් ඉවත් කර පොලිසිය, යුධ හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම අරම්භ කර තිබුණි.

ඒ සඳහා පොලිස් නිල සුනඛයෙකු ද රැගෙන විත් තිබූ බව වාර්තා වෙයි.

කෙසේවෙතත් සිදුකළ පරීක්ෂාවේදී අදාළ පාර්සලයෙන් සැක කටයුතු කිසිවක් හමුවී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News