මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඊයේ (21) දින උදෑසන මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාලව අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මුදල් බැංකු ගත කරවාගෙන සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අනාවරණය කරගත් තොරතුරු මත වැටලීමක් සිදුකර තිබෙනවා.
මෙහිදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 34 ක්, අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 420, හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 860 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් රුපියල් 351,200/- ( තුන්ලක්ෂ පනස් එක්දහස් දෙසීයක) මුදලක් හා මත්ද්‍රව්‍ය ජාවාරම සදහා යොදගත් බවට සැකකරන කාර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා. සැකකරුවන් අවුරුදු 29 හා 31 වයස්වල පසුවන ගල්කිස්ස හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන්. මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News