කෝටි 700ක මංකොල්ලයේ තවත් සැකකරුවෙක් මීපේ දී අත්අඩංගුවට

Share

මහරගම පොලිස් වසමේ ඇරව්වල ප්‍රදේශයේ දී කෝටි 500ක් වටිනා දියමන්තියක් හා කෝටි 200ක් මැණිකක් කොල්ලකා විදේශිකයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මිපේ ප්‍රදේශයේදී  මංකොල්ලකෑමකට සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(02) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News