කසල ගොඩක තිබු කාලතුවක්කු උණ්ඩයක් පුපුරවා හරියි

Share

කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසල ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාවට හමුවීමෙන් පසුව ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබීය.

පරන්තන් මන්සන්ධියේ 4වන මාර්ගයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි කසල ස්ථානයක මෙම කාලතුවක්කු උණ්ඩය යුද හමුදා සෝදිසි පිරික්ෂාවක් අතරතුරදී හමු වී ඇති අතර එම උණ්ඩය පැරණි තත්ත්වයක පැවතීම නිසාවෙන් යුද හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබීය.

අදාළ කාලතුවක්කු උණ්ඩය කිසියම් පුද්ගලයෙකු විසින් පවතින වාතාවරණය අනුව එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට යුද හමුදාව සැක පල කර සිටියි.

Read more

Local News