ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

ආදුරුප්පුවීදිය, ජින්තුපිටිය හන්දිය අසළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read more

Local News