වව්නියාවේ විශේෂ රථ වාහන පරීක්ෂාවක්

Share

වව්නියාව ප්‍රදේශයේ විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කර සිටියි.

ආරක්ෂක අංශ වෙත ලැබී ඇති තොරතුරු මත මෙම පරීක්ෂාව සිදුකරන බව පොලීසිය පවසා සිටියි.

වව්නියාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මාර්ග බාධක යොදා ආරක්ෂක අංශ විසින් මෙම පරීක්ෂා කිරීම් සිදු කරන බව සඳහන්ය.

දකුණේ සිට පැමිණෙන වාහන මෙහිදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන අතර බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරු අනුව හඳුනාගත් වාහන අංක කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයට ලක්ව ඇති බව පොලීසිය පවසා සිටියි.

මේ අතර අද (02) දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එහිදී සැකකටයුතු පුද්ගලයින් මෙන්ම පුපුරණ ද්‍රව්‍යයක් ඇතුළු අවි ආයුධ සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News