රූපලාවන්‍යාගාරයක තිබී වෝකිටෝකි යන්ත්‍ර 14ක් සොයා ගනී

Share

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රූපලාවන්‍යාගාරයක තිබී වෝකිටෝකි යන්ත්‍ර 14 ක් හා සීඩී තැටි 8 ක් සොයා ගෙන තිබේ.

ඊයේ(01) සිදුකල සෝදිසි මෙහෙයුමක දී මෙම උපකරණ සොයා ගෙන ඇත.

රත්මලාන, බොරුලන පාරේ මෙම රූපලාවන්‍යාගාරය පිහිටා තිබේ.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් උපකරණ අතර, විදුලි පරිපථ කිහිපයක් ද හමුවී ඇත.

අදාළ උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News