දූෂණ-අක්‍රමිකතා ජාතික ආරක්ෂාව දුර්වල කරයි – TISL

Share

පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සිදු වීමට ඉඩ ප්‍රස්තාව සලසා දුන් අඩුපාඩුකම් මගහරවා ගැනීමට තම අවධානය යොමුකරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මහජනතාව ඇතුළු සියලුම වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

TISL ආයතනයෙහි විධායක අධ්‍යක්‍ෂ, අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කළේ, නුදුරේදී සිදු වීමට තිබූ ප්‍රහාරයක් සම්බන්ධව වන බුද්ධි වාර්තාවන් පිළිබඳව රටෙහි ආරක්‍ෂක අංශයෙහි වග කිව යුතු ඇතැම් ස්ථරයන් දැන සිටි බවට හෙළි වීම මඟින් රාජ්‍ය ආයතනයන්හි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය සහ දේශපාලන නායකත්වය විසින් එවැනි තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව ප්‍රශ්න රාශියක් මතු කරන බවයි.

ඔබේසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ ආයතන සංග්‍රහය මඟින් ශක්තිමත් කර ඇති රහස්‍යභාවය පිලිබඳ වර්තමාන සංස්කෘතිය විසින්, රාජ්‍ය ආයතන, සීමිත පොදු අරමුණකින් යුතුව තම තමන්ගේ බල සීමාව තුල කටයුතු කිරීමේ වාතාවරණයක් පෝෂණය කරන බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් එකම ගැටලු පිළිබඳව විමර්ශනය කරන තරගකාරී ආයතන දෙකක් ඔවුන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට පසුබට වන අවස්ථාවන් අත්දැක ඇති අතර එය පැහැදිලිවම මහජන යහපතට එරෙහිව ක්‍රියා කිරීමක් බවත් ඒ මහතා සඳහන් කර සිටියි.

දූෂණ හා අක්‍රමිකතා මඟින්, විශේෂයෙන් ප්‍රසම්පාදනයට අදාල ගැටළු වලදී ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට ඇති හැකියාව ද TISL ආයතනය විසින් අවධාරණය කර ඇත.

අවසාන වශයෙන් ඔබේසේකර මහතා ප්‍රකාශ කරන සිටින්නේ,

” මෑත දී සිදුවූ තොරතුරු හුවමාරු කරගැනීමේ ප්‍රමාදයන්, විනිවිද නොවූ රාජයක විනාශකාරී ප්‍රතිවිපාක නිරූපනය කරයි. වඩාත් විවෘත රාජ්‍යයක් ඇතිකරගැනීම සඳහා, අභ්‍යන්තරව පොදු අරමුණකින් යුතුව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා 21 වන සියවසේ පරිචයන්ට අනුකූලව සිවිල් සේවා ක්‍රියාපටිපාටීන් ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වේ. මෙම ඛේදජනක සිදුවීම් වලින් පාඩම් උගත යුතු නම් දේශපාලන හා නිලධාරිවාදී නායකත්වය මෙකී අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවිය යුතු වේ.”යනුවෙනි.

Read more

Local News