ශක්තිමත් සමෘද්ධිමත් රටකට අත්තිවාරම දැමීමට එකතුවන්න – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Share

යහපාලන රජය සියලු කොමිෂන් සභාවලට ස්වාධීනත්වය ලබාදී ඇති බවත් ව්‍යවස්ථාවට සහයෝගය ලබාදී ශක්තිමත් සමෘද්ධිමත් රටකට අත්තිවාරම දැමීමට එකතුවන්නැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය 2018 වැයශී ර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

පසුගිය ආණ්ඩුව කාලේ, කෝප් කමිටුවේ සභාපති වුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. යහපාලනය යටතේ අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපති කළා. යහපාලනයේ කැපවීම ඉන් පේනවා. ඒවා අගය කළ යුතුයි. 18 ව්‍යවස්ථා සංශෝධනය හරහා සියලු කොමිෂන් ග්‍රහනයට යටත් කළා. 19 ගෙනැල්ල කොමිෂන් ස්වාධීන කළා. ස්වාධීනත්වය කියන්නේ එකක්. කාර්යක්ෂමතාවය තව එකක්. මේ ආයතනවලට ස්වාධීනත්වය දීලා තියෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කටයුතු කළා.

අපිට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නයි. ජනාධිපතිතුමා කැමැතිවුණා, සියලු බලතල දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා යම් යම් බලතලවලට ජනමත විචාරණයකට යන්න ඕන කියලා. අද සමහරු කියනවා ජනවරමක් නෑ කියනවා. එහෙම දෙයක් නෑ. අපේ ප්‍රධාන තේමාව වුණේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමයි.

නඩු ප්‍රමාදය ප්‍රධාන ප්‍රශ්නයක්. දෙපැත්තටම එපා වෙනවා. අපි අලුත් අධිකරණ පිහිටවලා පියවරක් ගත්තොත් අපේ අධිකරණවලට වටිනාකමක් එනවා. කාටවත් දොස් කියන්නේ නෑ. අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම රජයේ වගකීමයි. පසුගිය කාලය තුළ අපේ රට ජාත්‍යන්තරව කොන්ව සිටියා. කිසිම පිළිගැනීමක් තිබුණේ නෑ. යහපාලන රජය බලයට පත් වුණාම, අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැවත ඇතිකරන්න හැකි වුණා.

අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. ප්‍රථම වරට ද්‍රවිඩ පක්ෂ මේ කමිටුවේ ඉන්නවා. යුද්ධය අවසන්වෙලා ඉස්සරලාම කිව්වේ ව්‍යවස්ථාවක් ඕන කියල මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමාට බැරි වුණා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහයෝගය ලබාගන්න.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට ද්‍රවිඩ පක්ෂ ඉන්නවා. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීලා, ශක්තිමත් සමෘද්ධිමත් රටකට අත්තිවාරම දන්න එකතුවන්නැයි අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News