ඇමරිකානු ආරක්ෂක ලේකම්ට එරෙහි දෝෂාභියෝග උත්සාහය පරදී

Share

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete Hegsethට එරෙහිව එල්ල වූ දෝෂාභියෝග යෝජනාව ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජයට පත්ව තිබේ.
කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහි යුද්ධය මෙහෙයවීම ඇතුළු චෝදනා පදනම් කරගනිමින් Kentucky ප්‍රාන්තයේ Republican මන්ත්‍රී Thomas Massie විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
කෙසේවෙතත්, එම යෝජනාව තවදුරටත් සලකා බැලීම සඳහා Republican පක්ෂය ප්‍රමුඛ ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය තීරණය කළේය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 211ක් ද විපක්ෂව ඡන්ද 204ක් ද හිමි විය. ඒ අනුව දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ උත්සාහය දැනට අඩපණ වී තිබේ.
ඉරානයට එරෙහිව දින 90කට වැඩි කාලයක් කොංග්‍රසයේ අනුමැතියකින් තොරව යුද්ධයක් මෙහෙයවීම, නීති විරෝධී ඝාතනවලට අදාළ චෝදනා ඇතුළු කරුණු අටක් යටතේ Hegsethට එරෙහිව දෝෂාභියෝග චෝදනා ඉදිරිපත් කර තිබිණි.
මේ අතර, Pentagon හි පැවති මාධ්‍ය හමුවකදී Hegseth මෙම උත්සාහය හැඳින්වූයේ දේශපාලනික නාටකයක් සහ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසයි.

Read more

Local News