ඇමරිකාවේ ප්‍රකට දේශපාලන පරම්පරාවක් වන Kennedy පවුල, ජනාධිපති Donald Trumpගේ පරිපාලනයට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.
ඒ, Trump විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 250ක් උස ජයග්‍රාහී ආරුක්කුවේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලමිනි.
Kennedy පවුලේ සාමාජිකයන් නව දෙනෙකු විසින් අඟහරුවාදා Washington DC හි ෆෙඩරල් අධිකරණයකට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
එම ආරුක්කුව ඉදිකිරීමෙන් Arlington හි පිහිටි ජාතික හමුදා සුසාන භූමියේ මිහිදන් කර ඇති Kennedy පවුලේ සාමාජිකයන්ගේ සොහොන් සහ එහි ස්මාරකවල දර්ශන අවහිර වන බව ඔවුහු පවසති. එමෙන්ම ඇමරිකාව වෙනුවෙන් දිවි පිදූ ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන් සිහිපත් කරන ස්මාරකවල දර්ශනවලට ද එමගින් හානි සිදුවන බව ඔවුන්ගේ නඩු ගොනුවේ සඳහන් වේ.
ජනාධිපති Donald Trump නීති විරෝධී ලෙස දැවැන්ත ආරුක්කුවක් ඉදිකිරීමට උත්සාහ කරන බවට ද Kennedy පවුල චෝදනා කර තිබේ.
Share
Read more



