ගැටුමක් වළකන්න ගිය තිදරු පියා මරුට

Share

නාවලපිටිය පොලිස් වසමට අයත් ඉඹුල්පිටිය වත්තේ පහල කොටසේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් වැලැක්විමට උත්සහ දැරු තිදරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය පහල කොටසේ පදිංචි ආරුමුගන් රාමචන්ද්‍රන් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.

ඊයේ (01) පස්වරු 5.30 ට පමණ මරණකරු පදිංචිව සිටි වතු නිවාස පේලියේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් වැලැක්විමට මරණකරු උත්සහ කිරිමේදි ගැටුමට මැදිහත් වි සිටි මරණකරුගේ ඥාති තරුණයෙක් විසින් ඔහු අල්ලා ඉවතට තල්ලු කිරිමේදි මරණකරුගේ හිස බිත්තියක් මත ගැටිමෙන් අනතුරුව මරණකරු එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් අයෙකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මරණකරුගේ සිරුර පශ්චාත් මරණ පරික්සණය සඳහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

Read more

Local News