රයන් මැයි 9 වනදා දක්වා රිමාන්ඩ්

Share

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් ලබන මැයි 9 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද(02) නියෝග කර ඇත.

ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අ‍ප්‍රේල් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ සිදු කෙරෙයි.

මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ සිට එරටින් පිටුවහල් කෙරුණු රයන් වෑන් රෝයන් කටුනායක ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසුගිය 4 වන දා වැලිගම පොලීසියට වෙත බාරදෙනු ලැබීය.

වැලිගම පොලීසිය මඟින් ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

Read more

Local News