සිවුරු කොටස් සහ පාත්තර තොගයක් බලපිටියේ නිවසකින්

Share

අම්බලන්ගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් බලපිටිය මුස්ලිම් දේවස්ථානය අසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(02) රාත්‍රීයේ මෙම සෝදිසි මෙහෙයුම සිදු කර ඇති බව වාර්තා වෙයි.

එහිදී එම ප්‍රදේහයේ නිවසක සඟවා තිබූ කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නිවසක තිබී සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සොයාගෙන තිබේ.

එම නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්හන සිදු කරයි.

Read more

Local News