හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බලන්න දින දෙයි

Share

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පෙත්සම අද (03) බුවනෙක අලුවිහාරේ  සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිය.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට නියෝග කළේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් අදාල පෙත්සම ගොනුකර ඇත.

Read more

Local News