ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්

Share

ෆොනී සුළි කුණාටුව අද(03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසයි.

එය මේ වන විට පැයට කිලෝමීටර් දෙසීයක වේගයකින් ගොඩබිම දෙසට ගමන් කරමින් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සුළි කුණාටු අවධානම හේතුවෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ වෙසෙන බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

පූරි නගරයේ පමණක් ලක්ෂයක පමණක් පිරිසක් නිවාස වලින් ඉවත් කර ඇති බව ද සියලුම පාසැල් සහ විශ්වවිද්‍යාල වසාදමා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

එමෙන්ම අයහපත් කාලගුණයෙන් හේතුවෙන් ප්‍රධාන වරායන් දෙකක මෙහෙයුම් කටයුතුද අත්හිටුවා ඇත.

හදිසි සේවා සඳහා ගුවන් යානා 6ක්, හෙලිකොප්ටර් 7ක් සහ යුද නෞකා 7ක් සූදානම් කර ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.

Read more

Local News