යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම පනත ගෙන ඒම වැළැක්වීමට කටයුතු කිරීම විපක්ෂයේ වගකීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත මඟින් මාධ්‍යවේදීන්ට ද දැඩි පහරක් එල්ල වන බවත්, එසේම ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු පන්තිය මර්ධනය කිරීමට මෙම පනතට හැකියාව පවතින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
විපක්ෂයේ වගකීම මෙම පනත ගෙන ඒම වැළැක්වීම බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම පනතට විරුද්ධ බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.