පාප් වහන්සේගෙන් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලිපියක්

Share

පාස්කු ඉරු දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලිපියක් යොමු කර ඇත.

අදාළ ලිපිය මඟින් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් කණගාටුව පල කරන අතර තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය අපේක්ෂා කරන බවයි.

මෙම සිද්ධියෙන් පීඩාවට පත් වු සියලුම දෙනාට තමන් යාඥා කරමින් සැනසුම අත්වේවායි ප්‍රාර්ථනා කරන බවත්, වෛරය තුළින් දරදඬු වු හදවත් සාමය හා සංහිදියාව සඳහා යොමුවේවායි පාප් වහන්සේ අදාළ ලිපිය මඟින් ප්‍රාර්ථනා කර ඇති බව සඳහන්ය.

Read more

Local News