ඇඳිරි නිතිය අවසන්

Share

මීගමුව පොලිස් කොට්ඨාශයට පනවා තිබු පොලිස් ඇඳිරි නිතිය අද(06) උදෑසන 7.00ට අවසන් විය.

ඊයේ(05) පස්වරුවේ ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා මීගමුව පොලිස් කොට්ඨාශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුන්ගල්පිටිය සහ කටාන යන ප්‍රදේශවලට මෙම පොලිස් ඇඳිරී නීතිය පැණ වීමට පියවර ගෙන තිබුණි.

මීගමුව, කොචිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු සුළු බහින් බස් වීමක් පසුව ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

පසුව ප්‍රදේශයේ තත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාවද කැඳවීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

Read more

Local News