මාරවිල දි පොලීසියේ වෙඩි පහරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

මාරවිල නගරයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(05) රාත්‍රීයේ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් පරීක්ෂා කර ඇති බව සඳහන්ය.

එහිදී එක් අයෙකු පොලිස් නිළධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ.

එම අවස්ථාවේ එහි සිටි අනෙක් පොලිස් නිළධාරීයා අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු අදාළ පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් රෝහලට ඇතුළත් කිරීමේදි ඔහු මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකු වෙයි.

පහරකෑමට ලක්වු පොලිස් නිලධාරියාද ප්‍රතිකාර සඳහා මේ වනවිට මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News