කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

Share

අයිතිකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140 ක් හා ග්‍රෑම් 800 ක් පලෙයි පොලිස් වසමේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී පලෙයි, චුන්ඩිකුලම් ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ.

සොයා ගෙන ඇති කේරල ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News