තලතාගෙන් නිවේදනයක්

Share

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව අමාත්‍යවරිය විසින් නිකුත් කළ සිය නිවේදනයේ දැක්වෙයි.

ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් මාධ්‍යට ප්‍රකාශ කිරීමට පෙර වගකිව යුත්තන් දැනුවත් කළ යුතුව තිබූ බව අමාත්‍යවරියගේ නිවේදනයේ සඳහන් වෙයි.

අණ්ඩුකාරවරයාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙක්ගේ සිත් තැවුලකට පත් වුණා නම් අමාත්‍යවරිය කණගාටුව ප්‍රකාශ කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

ඊයේ දවස වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් අධිකරණයට සම්බන්ධව විනිශ්චයකාරතුමන්ලා පිළිබඳව යම් කිසි හෙළිදරව්වක් කරන්නට යෙදුනා මාධ්‍ය හරහා, මම මොනම හේතුවකටවත් මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සුදානම් නැති වුණත්, මාධ්‍ය හරහා වෙච්ච හෙළිදරව්වක් නිසා ඒ සඳහා මට මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න වෙලා තියෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම මම ඇත්තටම සන්තෝෂ වෙනවා ආණ්ඩුකාරතුමා මේ පිළිබව විෂය භාර ඇමතිවරිය හැටියට අපිව පුද්ගලිකව දැනුවත් කරලා හෝ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා දැනුවත් කරලා, ඒ අවශ්‍ය කටයුතු කරන්න අපිට උපදෙස් ලබා දුන්නා නම්, නමුත් එහෙම කිසිම දෙයක් නොකර මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වන වෙලාවක නීතියට ගරු කරමින් නීතිය ක්‍රියාත්මක වන වෙලාවක විනිශ්චයකාරවරයෙක් කළ සිද්ධියක් හෝ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යට කෙලින්ම කථා කිරීම ඒ තරම්ම හොද ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ පිළිබඳම මම මේ අවස්ථාවේ හෙළා දකිනවා.

ඒ ගැන මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා, මාධ්‍ය හරහා එවන් සිද්ධියක් සම්බන්ධයෙන් මොනම විනිශ්චයකාරවරයෙක් හරි කටයුතු කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අග්‍රවින්ශ්චවකාරතුමාවත් විෂය භාර ඇමතිවරිය හැටියට මාවත් දැනුවත් කළා නම් ඒ අනුව අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා අවශ්‍ය කටයුතු කරන්නට පුළුවන් කමක් ඇති වෙනවා.

මගේ විශ්වාසයේ හැටියට නම් එහෙම කිසිම විනිශ්චයකාරවරයෙක් සම්බන්ධව මේ වන තෙක් අපිට කරුණු අනාවරණය වෙලත් නැහැ.

ඒ වගේම මම ඇත්තටම මේ සම්බන්ධයෙන් සිත් තැවුලකට අපේ ගරු විනිශ්චයකාරතුමන්ලා පත් වෙලා ඉන්නවා නම් මගේ කණගාටුව ඒ අයට ප්‍රකාශ කරනවා.මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා, මෙවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්.

හැබැයි මේ තත්වය රටේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මොනම තත්වයක හෝ තරාතිරමක කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් දේශපාලන භේදයකින් තොරව තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමකින් තොරව අවශ්‍ය උපරිම කටයුතු කරන්න අපි ඕනෑම වෙලාවක සුදානම් කියන එකත් මේ අවස්ථාවේ දැනුවත් කරනවා.

Read more

Local News