මීගමුවේ හානි වූ දේපළවලට වන්දි

Share

මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇත.

සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍යතුමා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.

Read more

Local News