සහරාන්ගේ සමීපතමයින් දෙදෙනක් අත්අඩංගුවට

Share

තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් සමඟ සමීප සබඳතා පැවැත්වු බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරේ නිලධාරීන් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

2018 වසරේදී බෝම්බ නිශ්පාදනය කර ඒවා පරික්ෂා කිරීමට යාමේදී පුපුරා යාම හේතුවෙන් සහරාන් හෂීම් සහ මොහොමඩ් රිල්වාන් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

එම අවස්ථාවේදී සැකකරුවන් විසින් ඔවුන්ට උපකාර කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා  කාත්තන්කුඩි පොලීසියට බාරදී තිබේ.

Read more

Local News