මධූෂ්ව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරයි

Share

ඩුබායිහි සිට මෙරටට ඊයේ(05) පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉකුත් පෙබරවාරි 5 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනුණි.

මාස තුනකට ආසන්න කාලයක් සිරගත කර සිටි මාකඳුරේ මධූෂ් ඊයේ අලුයම ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු මෙරටට පැමිණියේය.

ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැණුනු මාකඳුරේ මධූෂ් පසුව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ආ අතර ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News