මීගමුවේ සියලු මත්පැන් ශාලා තාවකාලිකව වසා දමන්නැයි කාදිනල් හිමියන් ඉල්ලයි

Share

මෙම දින කිහිපය තුළ මීගමුව ප්‍රදේශයේ සියලු මත්පැන් ශාලා තාවකාලිකව වසා දමන ලෙසත් නිවාස සියල්ල හොඳින් සෝදිසියකට ලක් කරන්න ලෙසත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරයි.

උන්වහන්සේ පැවසුවේ එසේ කිරීමෙන් පෙරේදා දිනයේ (05) ඇති වූ ආකාරයේ නොසන්සුන්තා නැවත ඇති වීම වළක්වා ගතහැකි බවයි.

ඊයේ( 06) පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති විශේෂ මාධ්‍යහමුවකදි උන්වහන්සේ මේ බව පැවසිය.

ජන කණ්ඩායම් අතර සාමය සහ සුහඳතාව ඇති කරන සංවිධාන ශක්තිමත් කළයුතු බවද මෙහිදි කාදිනල් හිමියන් පැවසීය.

මත්පැන් පානය කිරීමට යොමු කර පසුව එම කණ්ඩාම් ජාති භේද ඇති කිරීම සඳහා යොමු කරීමේ වැඩපිලිවෙලක් පවතින බවත් මුස්ලිම් සහ කතෝලික ජනතාව අතර ගැටුම් ඇති කිරීමේ උත්සහයක් පවතින බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

Read more

Local News