රටේ ආරක්ෂාව පිළිබඳව ස්වාධීන වාර්තාවක් ?

Share

රටේ ආරක්ෂාව පිළිබඳව රට තුල පරීක්ෂණයක් සිදු කර ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර අරලියගහ මන්දිරයේ ඊයේ (06) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදි මත දරන පුද්ගලයන් රටින් තුරන් කිරීමටද කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

එහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේ මෙම පිරිසට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පසුගිය රජයෙන් සහය දක්වා ඇති බවයි.

නමුත් වත්මන් ආණ්ඩුවටද එම චෝදනා වලින් මිදිය නොහැකි බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

එහිද  මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ‍පැවසුවේ නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවයි.

Read more

Local News