පවතින ආරක්ෂක තත්ත්වය ගැන ජනපති කියන දේ

Share

පවතින ආරක්ෂක තත්ත්වය  පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්විය.

“මම සිංගප්පූරුවේ සිටින විටයි මේ ගැන දැනගත්තේ. 10ට පමණ මම මේ ප්‍රහාරය ගැන දැනගත්තාට පස්සෙ 12ට විතර සමාජ මාධ්‍ය ඔස්සේ ගිය ලිපියක් මට මිත්‍රයෙක් විසින් පෙන්වූවා.

ඒ ලිපියෙන් පෙනී ගියා මේ ගැන ආරක්ෂක අංශ දැනුවත් බවට. ඒ අනුව මේ ගැන සොයා බැලිමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් මණ්ඩලයක් පත්කිරීමට තීරණය කළා.

මම සිංගප්පූරුවේ සිටම මෙන්න මේ අයගෙන් පරීක්ෂණ මණ්ඩලය පත්කරන්න උදේ පත්වීම් දෙන්න ඕන කියලා. ඊට පැය කිහිපයකට පසු මම එන්න පිටත්වුණා.

22 උදේ ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්වූණා. ඊට පෙර පරීක්ෂණ මණ්ඩලයට සාමාජිකයන්ට පත්කිරිම් කළා. ගතවූ දින කිහිපය තුළ මෙවැනි සිදුවීමක් නැවත ඇති නොවිමට ගත යුතු ක්‍රියාමර්ග මම අරගෙන තිබෙනවා.

මම මේ ගැන තානාපතිවරුන් දැනුවත් කළා. අප්‍රේල් 24 රාත්‍රී 9ට කොළඹ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවලා පැය දෙකක පමණ සාකච්ඡාවක් පවත්වලා ආරක්ෂක විධිවිධාන ගැන උපදෙස් දුන්නා.

අප්‍රේල් 25 සර්ව පාක්ෂික දේශපාලන සමුළුවක් පැවැත්වූවා. එයට ආරාධනා කළ සියලු දෙනා පැමිණියා. එහිදි යෝජනා විවේචන චෝදනා දැඩි සංයමකින් විනයකින් සාකච්ඡාවට ලක්වුණා.

එදාම සවස ස්ර්වාගමික නායකයින් සෑම කෙනෙක්ම කැඳවලා සර්වාගමික නායකයින් දැනුවත් කළා.

අප්‍රේල් 26 දා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් කැඳවූවා වගේම මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම මාධ්‍ය වගකීම් හා සදාචාරය ගැන විශේෂයේම කරුණු පැහැදිලි කළා.

අප්‍රේල් 29 දා බරපතල ආර්ථික අලාභයකට ලක්වූ සංචාරක ව්‍යාපායර බලපාන ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව කැඳවලා එය ගොඩගැනීම ගැන සාකච්ඡා කළා.

මැයි 02 දා පළාත් නමයේම ආණ්ඩුකාරවු 9 දෙනා කැඳවලා තමාගේ පළාතේ හමුදාව පොලීසිය රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීම ගැන ඒ අයට පැහැදිලි කළා.

මැයි 02 දා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු හමුදා ප්‍රධානීන් සමග මාව හමුවෙලා මේ අවස්ථාවක කටයුතු කළ යුතු අකාරය දැක්වෙන වාර්තාවක් මා වෙත භාර දෙනු ලැබුවා.

මේ වාර්තාව ආරක්ෂක මණ්ඩලයේදී ආරක්ෂක ලේකම්වරයාට භාරදුන්නා. මැයි 06 දා ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයින් වන වාණිජ්‍ය මණ්ඩලය සමග සාකච්ඡා  කළා.

මේ සියලු සාකච්ඡා මේ සියලු රැස්විම් මම තනියෙන් කරපු රැස්වීම් නෙමෙයි. පසුගිය සතියේදී මුළු කැබිනට් මණ්ඩලයටම ආරාධනා කළා ආරක්ෂක මණ්ඩලයට.

මම කාදිනල් හිමියන් ආරක්ෂක මණ්ඩලයට කැඳවූවා. මන්ත්‍රිවරුන්ට කැඳවූවා. ආරක්ෂක මණ්ඩලයේ සාමාන්‍ය පෙර තිබූ තත්ත්වයට වඩා ව්‍යුහයක් ඇතිකර තිබෙනවා.

ආරක්ෂක මණ්ඩලය ප්‍රධාන වශයෙන්ම ශක්තිමත් පුළුල් ව්‍යුහයක් තුළ පෙර තිබුණ තත්ත්වයට වඩා ක්‍රියාත්මක වෙනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන තනතුරු වෙනස් කළා. රටපුරා කළ යුතු වැටලීම් වලට අමතරව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇතිකළා.

මේ සමග රටේ ජනතාවගේ බිය සැක තුරන් කිරිමටත්, ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක තත්තවය ගැන සතුටුවිය හැකි ස්ථානයක රට තිබෙනවා.

මේ ප්‍රශ්ණයේ පසුබිම හා ජාත්‍යන්තර ත්‍රස්තවාදාය ගැන අනවබෝධයෙන් බොහෝ දෙනෙක් කටයුතු කරනවා. මේ වන විට ආරක්ෂක හමුදා ඉතාම සාර්ථක ලෙස මෙහෙයුම් ඉටුකරලා රට හොඳ තත්ත්වයකට ගෙනත් තිබෙනවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන ද්‍රව්‍ය අතර හා පුද්ගලයින් පිළිබඳව කථා කළොත් අපි අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාවවෙන්  12ක් ප්‍රභල ත්‍රස්තවාදීන්.

බෝම්බ හදන්න ගන්න ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 200කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සේෆ් හවුස් 13ක් සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා.

මෙයට සම්බන්ධ සියලු දෙනාගේම වත්කම් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කර අවසන්. ප්‍රහාරයට සුළු උපකාර කළ අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් ගෙවා තිබෙනවා. ඒ මුදල්වලින් රුපියල් මිලියන 18ක් සොයාගෙන තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට අයත් වාහන 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම් සියල්ල සමග කරන පරීක්ෂණ සාර්ථක තැනක තිබෙනවා.

Read more

Local News