2019 A/L හෝ O/L අපේක්ෂක හැදුනුම්පත් වලට අදාල ඉල්ලුම්පත් කඩිනමින් යොමු කරන්න

Share

2019 උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා ජාතික හැදුනුම්පත් සකස් කිරිමට අදාල ඉල්ලුම්පත් කඩිනමින් යොමු කිරිමට කටයුතු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ජාතික හැදුනුම්පත සඳහා ඉල්ලුම් කර නොමැති සියලු සිසුන්ගේ නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් පසුගිය මාර්තු මස 31 වන දිනට ප්‍රථම තම දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන මෙන් පරිවේනාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේවෙතත් මෙවර විභාග සඳහා පෙනී සිටිමට නියමිත අපේක්ෂකයින් සියයට 50ක් පමණ මේ වන විටත් හැදුනුම්පත සකස් කිරිමට අදාල අයදුම්පත්  සම්පූර්ණ කර එවිමට කටයුතු කර නොමැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පී.වි ගුණතිලක මහතා පවසන්නේය.

නියමිත කාලය තුළ ඉල්ලුම්පත් යොමු නොකිරිම හේතුවෙන් විභාගයට පෙර පාසල් සිසුන්ට හැදුනුම්පත් නිකුත් කිරිම විශාල අභියෝගයක් බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Read more

Local News