බදියුදීන් ලංකාවට එයි

Share

ඕමානයේ සංචාරයක නිරත වූ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළීබඳ මෙහිදී අවධානය යොමු වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන රජය නිරතුරුවම අවශ්‍ය උපකාර සිදු කරන බව ඕමාන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

ඕමාන සංචාරය සදහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පසුගිය 04 වනදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊයේ (07) දිනයේ ඔහු යලි දිවයිනට ළඟා වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

Read more

Local News