දිවයිනපුරා පාසල් වෙත සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක්

Share

දිවයිනපුරා පාසල් වෙත සිසුන්ගේ පැමිණීමේ යම් වර්ධනයක් අද දක්නට ලැබුණු බව විදුහල්පතිවරුන් පවසයි.

කෙසේවෙතත් පාසල් සහ ඒ අවට ප්‍රදේශවල තවදුරටත් ආරක්ෂක විධි විධාන තර කර ඇති ආකාරයද දක්නට ලැබුණි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන්ගේ පැමිනීම අද දිනයේ යම් තරමක වර්ධනයක් පෙන්නුම් කරන බව එම පාසල්හී විදුහල්පතිවරුන් පවසයි.

අද දිනයේද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල් සහ ඒ අවට මාර්ගයන් හී ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ මව්පියන් එක්ව සිටින අයුරු දැකගන්නට ලැබුණි.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රීක්කයේ සිසුන්ගේ පාසල් පැමිණීම සැළකිය යුතු වර්ධනයක් අද දිනයේදී දක්නට ලැබු බව විදුහල්පතිවරුන් පවසයි.

කෙසේවෙතත් පාසල් අවට ප්‍රදේශවල අද දිනයේදී  ආරක්ෂක අංශ රැදි සිට සෝදිසි මෙහෙයුම් සිදුකරන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන් දැනුවත් කිරිමේ වැටසටහනක් පැවැති අතර මෙහිදි පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රථවාහන සදහා ස්ටිකර් ඇලවිමද සිදුකෙරුණි.

Read more

Local News