දන්සැල් පවත්වන්නේ නම් ලියාපදිංචි වී උපදෙස් ලබා ගන්න

Share

වෙසක් උත්සව සමයේ කිසියම් සංවිධානයක් හෝ යම් අයෙකු දන්සැල් පවත්වන්නේ නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් ලියාපදිංචි වී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය අනුව වෙසක් උත්සව හෝ දන්සැල් නොපවත්වන ලෙස ආගමික නායකයින් සහ මහා නායක ස්වාමීන් වහන්සේලා ඉල්ලීමක් කර තිබෙන නමුත් කිසියම් අයෙකු හෝ සංවිධානයක් දන්සැල් පවත්වන්නේ නම් කඩිනමින් එය ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා ප්‍රකාශ ක‍ළේය.

වෙසක් පොහොය දිනයේ හෝ ඒ ආසන්න දිනවල දන්සැල් පවත්වන බව වාර්තා වුවහෝත් ඒවා පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුදානම් බවද ඔහු පවසයි.

එසේම දන්සැල් පවත්වන්නේ නම් හැකි තරම් සුරක්ෂිත ආහාර බැතිමතුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read more

Local News