ත්‍රස්තවාදය මැඩලන්න සමාජ මාධ්‍ය අභියෝගයක් වෙලා

Share

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතුවල දී ප‍්‍රධාන අභියෝගයක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීමේ අරමුණින් යම් යම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප‍්‍රචාර රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට බාධා පමුණුවමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ ඊයෙ (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය.

මෙහිදී විදෙස් තානාපතිවරු අදහස් දක්වමින් පවසා ඇත්තේ සමාජ මාධ්‍යවල මෙන්ම අනෙකුත් මාධ්‍යවල ප‍්‍රචාරය කෙරෙන ජනතාව බිය වැද්දීමේ ප‍්‍රකාශ වහාම නැවතීම වෙනුවෙන් රජය මැදිහත්විය යුතු බවයි.

Read more

Local News