යාපනය විශ්වවිද්‍යාලයට නිසිබලධාරියෙක් පත් කරලා

Share

යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා නිසිබලධාරියා වශයෙන් පත් කොට ඇති බව විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.

මෙතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් සේවය කල රත්නම් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමෙන් අනතුරුව කන්දසාමී කදිර්ගාමනාදන් මහතාව ඊයේ (07) දින මෙලෙස පත්කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයට  උපකුලපතිවරයෙකු පත් කරන තෙක් කන්දසාමී කදිර්ගාමනාදන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙසින් පත් කොට ඇති බවද විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.

කන්දසාමී කදිර්ගාමනාදන් මහතා භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙකු වන අතර, භෞතික විද්‍යාව පිළිබඳ පරීක්ෂණ රැසක් වෙනුවෙන් දායකත්වය සපයා ඇති බවටද  වාර්තා වන අතර හයිඩ්‍රජන් පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් මෙහෙයවා ඇති අතරම කදිර්ගාමනාදන් මහතා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබේ.

Read more

Local News