ලංකාව සිවිල් අරගල තුනකින් බැට කාලා

Share

රටේ සංවර්ධනය මෙන්ම මේ මොහොතේ දි රටේ ආරක්ෂාව පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

මාතර මාලිම්බඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සිවිල් අරගල තුනකින් බැට කා ඇති බවත් වාර්තමානයේ නැවතත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට අවශ්‍ය වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

එක් එක් පුද්ගලයා දෙස සැකයෙන් නොබලා ඊට එහා ගිය පියවරක් අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ත්‍රස්තවාදින්ට අනුබල දුන් පිරිස කවුරුන්ද කියා සොයා බලා ඔවුන්ට අවශ්‍ය නීති පියවර ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read more

Local News