කිකිළී බිත්තර දාලා කොක් කොක් ගානකොට ජනපති කියන දේ මෙන්න

Share

පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කිරීමට කටයුතු කළා.

“මේ ප්‍රශ්නය රතිඤ්ඤා පෙට්ටියක් පත්තුකරනවා වගේ අල්ලලා, ගහලා ගහලා කූඩුවකට දැම්මට ඉවර වෙන්නේ නෑ. සැහැල්ලුවෙන් සලකලා කටයුතු කිරිම විසඳීමට යන ගමනේදී බාධාවක්.

තාම දෙපැත්තටම මඩ ගැහිල්ලක්. දෙපැත්තට බිත්තර විසික් කරනවා වගේ වැඩක්. මේක ගැන ගොඩනැගීමට ඇති විවේචන මත කථා කරලා විසඳා ගත්තොත් හොඳයි.

මේ ප්‍රශ්ණයේදී විපක්ෂයේ සහාය රජයට ලැබිය යුතුයි. සහයෝගය ලබාගැනීමට රජය අවංකව වැඩේට අත ගහන්න ඕන. එතකොට අපිට විපක්ෂයේ සහාය ඉල්ලලන් පුළුවන්.

නීතිය හා සාමය අමාත්‍යාංශය ජනපති යටතේ තබා ගැනීම විශාල ගැටලුවක්. නීතිය හා සාමය අමාත්‍යාංශය රජයට ලැබිය යුතුයි.

නිතිය හා සාමය අපට ලබාගැනීමට විපක්ෂයෙන් අපිට සහාය දෙන්න. අපේ අමාත්‍යවරු එයට කැපවෙනවා. ඒකේ නම වෙනස් කරලා ජාතික ආරක්ෂක අමාත්‍යාංශය කියලා නම තැබුවොත් හොඳයි.

එතකොට අපට අවතීර්ණ වෙලා මේක ඉවර කරන්න  පුළුවන්. පාසල් විවෘත කිරීම මම තීරණය ගත යුතුව තිබුණා නම් මම ඒ තීරණය ගන්නේ නෑ.

සැහැල්ලුවට ප්‍රශ්ණය සලකන්න බෑ. විපතක් වුණොත් රජයට මුහුණ දෙන්න වේවි. මේ ගැන රජය හා විපක්ෂය එකතුවෙලා තීරණ ගන්න ඕන.

මේ වෙනකොට ආරක්ෂක ඇමති හිතනවා ඔක්කොම සාර්ථකව කරනවා කියලා. ආරක්ෂක කවුන්සිලයත් හිතනවා ඇති සාර්ථකයි කියලා.

මේ අවස්ථාවේදී මම දකිනවා හැංගිමුත්තම් සේල්ලම. ඒක හොඳින් වෙනවා. නමුත් කාලයාගේ අවෑමෙන් ත්‍රස්තවාදීයා මේ සෙල්ලමට පුරුදු වෙනවා.

මුලදී ලැබෙන වේගවත් ප්‍රතිඵල ඉදිරියට ලැබෙන එකක් නෑ. ජනපති නම් කියන හැටියට මේක ඉවර කරලා ඉවරයි.

මෙවැනි ප්‍රශ්නයකට අවුරුදු දෙකක විතර අඩි තාලමක් දන්න ඕන. මේ විෂබීජ එන එක නවත්වන්න ඕන. මේ ආරක්ෂක අංශවල ඉන්න බලධාරීන් මේක තේරුම්ගත්තොත් හොඳියි.

දැන් කියනවා සාමාන්‍ය ලෙස හැසිරෙන්න කියලා. නාවල ඇතුළු පස් තැනක 13දා උදේ නමයේ ඉදලා බෝම්බ පුපුරණවා කියනවා. මෙහෙම තියෙද්දී කියනවා සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න කියලා.

මේ ගැන වගකීම් රහිතව කථා කිරිම වැරදියි. මේ ගන බරපතල ලෙස අවධානය යොමුකරන්න ඕන. ඊයේ අපි අහපු ජනපතිගේ සුන්දර කථාවට අවධානය යොමුකරන්න ඕන. ඒකට අපිට එකඟ වෙන්න බෑ. ලිපියක් දැක්කා කිව්වා. එතුමා කරපු පළමු දේ කිව්වේ පරීක්ෂණ කමිටුවක් පත්කළා කිව්වා.

කිකිළී බිත්තර දාලා කොක් කොක් ගානවා එතකොට කියනවා පරීක්ෂණ මණ්ඩලයක් පත්කළා කියලා. අරක්ෂක අංශවලට උපදෙස් දුන්නා අගමැති මුණ ගැහෙන්න එපා කියලා.

අපි ඉන්න කාලයේදී මේවා ගැන සැලසුම් තිබුණා. මේවගේ දෙයක් වුණානම් කෙරෙන ආකාරය ගැන ක්‍රියාත්මක වුණා. යුද්දේ කාලයේදී ප්‍රශ්ණයක් වුණාම ප්‍රතිචාර දැක්වෙන අයුරු වේගවත්.

යුද්ධයේ අත්දැකීම් තිබෙන අය 50%ක් ගිහින් අවසන්. ඒ කාලයේදි ජනතාවටත් ආරක්ෂක අංශවලටත් මේක ඇඟේ තිබුණා. ආරක්ෂක අංශ ගැන වගකිවයුතු පුද්ගලයේ මේගැන සූදානම් වෙන්න ඕන.

ජනපති උපදෙස් නිකුත් කළාද කියන එක ගැටලුවක්. කමිටුවක් නම් පත්කළා. කාගේ හරි පිට දාලා බේරෙන්න තමයි කමිටුවක් දැම්මේ.

ඒ වෙලාවේදී ජනපති සිංගප්පූරුවේ බනානා ලීෆ් එකෙන් ලන්ච් එක ගත්තා. මුස්තාෆා එකේ ෂොපින් කළා කියලනම් අපි දන්නවා.

ජනපති කිව්වා සාකච්චා කළා කියලා. බෝම්බේ පිපුරුවාම තමයි සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාවලට අපි ගෙන්නුවේ නෑ. ඒවා හරියට කළා නම් අපිත් ඉන්න ඕන.

අපිට පුළුවන් සියයට 0.000001ක් විතර අපේ අදහස් දෙන්න. ඊළගට එතුමා කිව්වා ලෝකයේ ප්‍රභල රටවලටත් ත්‍රස්තවාදය පහර දුන්නා කියලා. එතකොට ලෝකයේ ප්‍රභල රටවල් වලට ගහන කොට අපිත් පහර කකා ඉන්න ඕන.

අපිත් දැන් ප්‍රභල රටවල් ලැයිස්තුවට එක්වෙලා තිබෙනවා. ලෝකයේ කිසිම රටවකට බැරිවුණා යුද්ධයකින් ත්‍රස්තවාදය අවසන් කරන්න. නමුත් අපි යුද්ධයක් අවසන් කළා.

මේ රටේ මිනිස්සු 32ක් විතර බෝම්බ එක්ක ජීවත් වුණා දැන් උඩ පනින්නේ ඇයි අහනවා. 32ක් කෑවනම් ඉතිරියත් කන්න ඕනද. ඒවා කියන එක ජනපති කියන එකක් නෙමයි. සිකුරිටි  කෙනෙක්වත් එහෙම හිතන්නේ නෑ.

ජනාධිපතිලා එන කොට අපි බෝම්බ කන්න ඕන. කොහෙන්ද දන්නේ නෑ මේ තර්ක හොයාගන්නේ. බුද්ධි අංශ කියන ආකාරයට ත්‍රස්තවාදීන් ඉන්නේ 150ක් කිව්වා. දැන් 56ක් අල්ලලා තියෙනවා කිව්වා. ඉතින් තව 80%දක්වත් ඉන්න ඕන.

ත්‍රස්තවාදීන් 100ක් විතර ඉන්නවා කියන්නේ මේ රට ගිනි තියන්න පුළුවන්. මේක සුළුවෙන් සලකන්න ඕන නෑ. බුද්ධි අංශ දුර්වල කිරිම ගැන කියනවා. 10ක් 15ක් අයින් කළා කියලා බුද්ධි අංශ වැටෙන්නේ නෑ.

මම හමුදාපති වුණ වෙලාවේ ඉහළම බුද්ධි අංශ 4 දෙනා අයින් කළා. අපේ බුදධි අංශය තමයි නැව් 8ක් ගැන තොරතුරු දුන්නේ.

නමුත් මම කියනවා බුද්ධි අංශ ශක්තිමත් කිරීම සිදුවෙලා නෑ. දියුණු කළොත් තමයි ත්‍රස්තවාදය නැවත ඇති නොවෙන්නේ.

මේ ඔත්තුව ලැබුණ එක ගැන අපි කථා කළා. පොලිස්පති ගෙදර යැව්වා. එයාගේ වැරදි තිබුණා. ආරක්ෂක ලේකම් රාජකාරී කරලා තිබෙනවා.

ඒ අය කියනවා මේ වගේ දෙයක් අවානම් ජනපතිට දැනුම් නොදී එන්න අපි කටයුතු කරනවාද කියලා. මේ ගැන ආරක්ෂක මණ්ඩලයේදී  15 වතාවක් කථා කරලා තිබෙනාව.

හැමවෙලාවෙම ජනපති උඩබලාගෙන හිටියලු උපදෙසක් දන්නේ නැතිව වහලෙ බලාගෙන. එහෙම කථා කිරිම අසාධාරණයි.

පසුගිය දවස්වල කථාවක් ගියා මම ගෝඨාභ්‍ය රාජපක්ෂ ආරක්ෂා කරනවා කියලා. මේ රටේ ඉන්නවා මන්ත්‍රීවරුන්ට තමන්ට අහන ප්‍රශ්ණ තේරෙන්නේ නෑ. මගෙන් ඇහුවේ මේ සිදුවීම් පසුපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවද කියලා. මම කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මේක පසුපස නෑ කියලයි. රාජපක්ෂලා ගැන මගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑ.

මේ ඉන්න කවුරු එයත් එක්ක ඩීල් දැම්මත් මම ඉඩීල් දාන්නේ නෑ. ආරක්ෂක ලේකම් ගැන දෙයක් කියන්න ඕන. එයාගැන පොඩි කථාවක් කියන්නම්. 2004 ජනරාල් බලගල්ල හමුදාපති ධුරයන් අස්කරන්න කලින් චන්ද්‍රිකා මැතිණිය අපිව ගෙන්වූවා. එතකොට කෝට්ටේගොඩ හමුදාවේ දෙවැනියා. මම හමුදාවේ 4 වැනියා.

අපි දෙන්නගෙන් වෙන වෙනම ඇහුවා සාම සාකච්ඡා කඩ කළොත් මොකද කරන්නේ කිව්වා. කෝට්ටේගොඩ කිව්වා අඩි දෙකක් පස්සට ගිහින් මේක අල්ලගෙන ඉන්නවා කිව්වා.එතුමා ඒ අංශයට හොඳයි. ආරක්ෂාවැඩ වලට හොඳයි. සාමයයි අරකයි මේක කරලා තමයි අපි ඇන ගත්තේ.

මගේ බැච්මේට් මගේ අතීත මිත්‍රයා හමුදාපතිවුණාම මම ගැන බය වුණා. එතකොට හිතාගන්න පුළුවන් මොන මොනවා වෙයිද කියලා.

ඇවන්ට්ගාඩ් විජේදාස යළිත් මාස 6කට පස්සේ නැගිට්ටා. දැන් බොරදියේ මාලු බාන්න හදනවා.ඒවා කරන්න හදන්න එපා.”

Read more

Local News