සාරාගේ අම්මා දුව එනකල් තවමත් බලන් ඉන්නවා

Share

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොම්මදු හස්තුන්ගේ බිරිද වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා පිළිබඳව ඇයගේ මව ඉන්දීය මාධ්‍යයට කරුණු රැසක් අනාවරණ කර තිබේ.

ඇය පවසන්නේ, හින්දු භක්තිකයෙක් වන සාරා පැහැරගෙන ගොස් ඉස්ලාම් ආගමට බඳවාගෙන ඇත්තේ බලහත්කාරයෙන් බවයි.

ඇය පැවසුවේ තම දියණිය මේ වනවිට අතුරුදන් වී සිටින බවත් දියණිය ශුද්ධ වු හින්දු කෙනෙකු බවත්ය.

හස්තුන් නැමැති පුද්ගලයෙක් තම දියණිය පැහැරගෙන ගොස් ඇති බවද අය එහිදි පැවසීය.

තම දියණිය මෙලෙස පැහැරගෙන ගොස් ඇතතේ මඩකළපුව උපකාරක පංති සඳහා යමින් සිටි කාලයේදී බවද ඇය පවසා තිබේ.‍

සිය දියණිය එනතුරු ඇය තවමත් බලා සිටින බවත් දුව ජීවතුන් අතර ඉන්නවාද නැද්ද තමන් නොදන්නා බවත් දියණීය ජීවතුන් අතර හිටියහෝ ඇය සාත්‍ය පවසාවී ලෙසට සාරාගේ මව පැවසීය.

Read more

Local News