විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක

Share

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.

ජල විදුලි උත්පාදනයට උපයෝගී කර ගන්නා ප්‍රධාන ජාලශ වන කාසල්රී, මාවුස්සාකැලේ, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල ජල මට්ටම වර්ෂාපතනය ආරම්භයට පෙර සියයට 29.9 ක පමණ තත්ත්වයක පැවති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම කාලය තුළ විදුලිය නිෂ්පාදනය පිළිබඳ ඇති වු අභියෝග හේතුවෙන් යම් ප්‍රමාණයක විදුලි සීමා කිරීමක් කිරීමට සිදු වු බවත් පැවසු ජයවර්ධන මහතා, කෙසේ වෙතත් අප්‍රේල් මස 10 වෙනි දා එම තත්ත්වය වෙනස් කළ බව ද පැවසීය.

කෙසේ වෙතත් ජලවිදුලි උත්පාදනයට යොදා ගන්නා ජලාශවල මේ වන විට සියයට 32.5ක පමණ ජල මට්ටමක් ඇති බවත්, මේ වන විට එය අභියෝගයක් වී ඇති බව ද එ මහතා පැවසිය.

මේ දිනවල ජල විදුලියේ දායකත්වය සියයට 10-21ක් පමණ බවත්, සුළං හා සූර්ය බලාගාරවලින් සියයට 2-3ක් වැනි ප්‍රමාණයක් දෛනික විදුලි බල අවශ්‍යතාවය වෙනුවෙන් ලබා දෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේ වෙතත් අඛණ්ඩය විදුලිය ලබා දීමට අමාත්‍යාංශය වැඩ කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

Read more

Local News