එකම වේදිකාවක මවක් සහ පුතෙක් උපාධිය ලබයි

Share

එකම උපාධි ප්‍රදානෝත්සවයකදී මවක් සහ පුතෙක් උපාධි ලබා ගත් පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

මධ්‍යම මිචිකන් සරසවියෙන් සංගීතයට සම්බන්ධ පාඨමාලාවක් ස්ටීවන් නමැති තරුණයා විසින් සම්පූර්ණ කර තිබූ අතර ඔහුගේ මව වෙනත් විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පාඨමාලාවක් සම්පූර්ණ කර තිබුණි.

ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම උපාධි ප්‍රදානෝත්සවය යෙදී තිබුණේ එකම දිනකදීය.

මව තම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී නොවී සිය පුතුගේ ප්‍රදානෝත්සවයට පැමිණිමට තීරණය කර තිබුණි.

ඒ අනුව පුතුට හිමි උපාධිය ප්‍රදානය කරන අවස්ථාවේදී ඔහුගේ මවට ද ආරාධනා ලැබීම විශේෂත්වයකි.

විශ්වවිද්‍යාල දෙක කලින් සැලසුම් කර තිබු පරිදි එම කාන්තාවට ද උපාධිය වෙනුවෙන් පිරිනමන හිස් වැසුම පැළදවීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණි.

Read more

Local News