යුද හමුදා පොදු සමා කාලය හෙටින් අවසන් වෙයි

Share

නොදන්වා සේවය හැරගිය යුද හමුදා සාමාජිකයින්ට නැවත සේවයට වාර්තා කිරිම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය හෙටින් අවසන් වෙයි.

මේ වන විට නොදන්වා සේවය හැර ගිය යුධ හමුදා සාමාජිකයින් 9907 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය සේවාවලින් අනතුරුව එම පිරිස් වලට ඉදිරියේ දී නීත්‍යාකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

විවිධ හේතු මත සේවය අතහැර ගොස් සිටින යුධ හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව ඉවත්වීමට හෝ නැවත සේවය සඳහා එක්වීමට පසුගිය මස 22 වැනිදා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කර තිබුණි.

Read more

Local News