බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු වේල්ස්හි සංචාරයක

Share

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු වේල්ස්හි සංචාරයක නිරතව සිටියි.

එම සංචාරය අතරතුර ඔහු එහි නාවික කඳවුරක නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කේට් යුවල වේල්ස්හි වෙරළාරක්‍ෂක මෙහෙයුම් පිළිබඳ නාවික කඳවුරක් නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක් වී ඇත.

ප්‍රජාව සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් සහ සංවිධානවල නියෝජිතයින් හමුවීම මෙම සංචාරයේ මූලික අරමුණ බව කෙන්සිංටන් මාලිගය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර කඳවුරු භූමිය තුළ තිබූ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන හෙල්කොප්ටර් යානයක් තුළට පිවිසීමට යුවල මෙහිදී කටයුතු කළේය.

මෙම සංචාරය අතරතුර යුවල කඳවුරේ කාර්ය මණ්ඩලය සමඟ ඉතාමත් සුහදව කටයුතු කළ බව විදෙස් වාර්තා සඳහන් කර සිටියි.

එමෙන්ම විලියම් කුමරුගේ සොහොයුරු හැරී කුමරු සහ මේගන් ආදිපාදවරියට දාව බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතින් එක් වූ කුමරු හේතුවෙන් රාජකීයන් ඉතාමත් කාර්යබහුල අවස්ථාවක යුවල මේ සංචාරය සඳහා එක්ව සිටින බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News