රජයේ කුමන්ත්‍රණයක් ගැන ජවිපෙ හෙළි කරයි

Share

පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෝටස් වෙළඳපොළට අර්ථ සාධක අරමුදල් යෙදවීමේ ආණ්ඩුවේ උත්සහයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

අද(09) කොළම පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.

“ආර්ථික අර්බුදය විසඳගන්න කෝටස් වෙළඳපොළට අර්ථ සාධක අරමුදල් යොදවන්න ආණ්ඩුවේ උත්සහයක් තිබෙනවා. මේ වෙනවිටත් ආණ්ඩුව අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 90ක් කොටස් වෙළඳපොළේ යොදවලා තියෙනවා.

නමුත් එම කොටස්වල දැන් වටිනාකම රුපියල් බිලියන 74ක් බව තහවුරුවෙලා තිබෙනවා. මේ වෙනකොටත් අර්ථ සාධක අරමුදලට රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුවෙලා.

අස්ථාවර ආර්ථිකයක් තිබෙන වෙලාවක හැත්තෑලක්ෂයක් වූ පෞද්ගලික අංශයේ සේවයකයින්ගේ අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳ පොලේ යෙදෙව්වාම අරමුදලට විශාල හානියක් සිදුවෙනවා.

අපි ආණ්ඩුවට අවධාරණය කරනවා අර්ථසාධක අරමුදල් මෙවැනි අස්ථාවර අවස්ථාවල කොටස් වෙළඳපොලේ යොදවන්න එපා කියලා. ඒ වගේ පැලැස්තර විසඳුම්වලින් මේ අර්බුදයට උත්තර හොයන්න බැහැ.

මේ ආර්ථික අර්බුදයට ප‍්‍රහාරය බලපෑවා වගේම ප‍්‍රහාරයට කලින් මේ ආණ්ඩුව අනුගමනය කරපු වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා රට ආර්ථික අර්බුදයක හිරවෙලා තිබුණා.

රට බංකොළොත් වෙලා. ආර්ථික වර්ධන වේගය 3.2දක්වා පහළ බැහැලා. ඒක 21 වෙනිදා ප‍්‍රහාරය පිටින් දාන්න ආණ්ඩුවට පුළුවන්කමක් නෑ.

ජනතාව ආර්ථික අමාරුවක ඉන්නවා විතරක් නෙවෙයි ඔවුන් ඉන්නේ භීතියෙන්, අවිශ්වාශයෙන්. අඩුම තරමේ තවම ආණ්ඩුවට රටේ පාසල් ටික යථා තත්වයෙන් පවත්වාගෙන යන්න නොහැකි වෙලා තිබෙනවා. ආණ්ඩුව ගත් පියවර ඉතාම අසාර්ථක බව පාසල්වලට ළමුන් නොඑන එකෙන් පෙන්වලා තිබෙනවා.

පාසල් ළමුන්ට එන්න තරම් ආරක්ෂාව තහවුරු වෙලා නැහැ කියලා ඒකෙන් පේනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යථාතත්වයට පත්කරන්න තවමත් ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.

ඒනිසා ආණ්ඩුව තමන්ගේ වගකීම බාරගෙන නැවත වරක් මෙවැනි අතපසුවීම් නොවීමටත් ජන ජීවිතය යථාතත්තවයට පත්කිරීමට අවශ්‍ය පියවරත් කඩිනමින් ගත යුතුයි.“

Read more

Local News