රජය මාධ්‍යට වැට බඳිනවද ?

Share

ආරක්ෂක අංශ විසින් සිදුකරණ සෝදිසි මෙහෙයුම්වලින් අත්අඩංගුවට පත්වන තියුණු ආයුධ ඇතුළු අනෙකුත් අවි ආයුධ මාධ්‍ය හරහා නොපෙන්වන ලෙසට රජය විසින් මාධ්‍ය වෙත පැනවූ නියෝගයට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පැවැසුවේ 30 අවුරුදු යුද්ධයේදී පවා එවැනි තහනමක් රජය විසින් නොපැනවූ බවයි.

රජය මාධ්‍යට වැට බැඳූ විට සිදුවන්නේ සමාජ මාධ්‍ය හරහා පළවන අසත්‍ය ප්‍රචාර පවා ජනතාව පිළිගැනිමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේ සත්‍ය දැන ගැනීමට ජනතාවට අයිතිය ඇති බවයි.

Read more

Local News