කැබ්-ත්‍රීරෝද රථ අනතුරකින් තරුණයෙක් මරුට

Share

පොල්ගහවෙල, කහවත්තේඇළ පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.

කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේදී රියදුරු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

පොල්ගහවෙල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News