ෂරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයක් ?

Share

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙනවා. මේ පිටුපස තියෙන කතාව සම්බන්ධව සොයා බලන්න වෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳයි
කියා සිතනවා.“

මෙහිදී දී නැඟී සිටි උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහත මෙසේ සඳහන් කළේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට අනුමැතිය ලබාදීමට පෙර දීර්ඝ ක්‍රමවේදයක් තිබෙනවා.

මේ ක්‍රමවේදනය ගැන තාමත් තීරණයක් අරන් නෑ. මේක සාකච්ඡා කරලා, හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා මෙය කළ යුත්තේ. නොයෙකුත් සැක සංකා ඇතිවන තත්ත්වයක් දැන් ඇති වී තිබෙනවා.

ඒවා තුරන් කරලා, හරි ක්‍රමවේදනය අනුගමනය කරන්න ඕන. පසුකාලීනව ඒ පිළිබඳ දීර්ග වාර්තාවක් ඉදිරිපත් කරන්නම්.

නීතිමය වශයෙන් මේ සඳහා මුදල් ලැබුණේ කෙසේ දැයි කියලා දැන ගැනීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසා සිටියේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවනවා නේදැයි කතානායක කරූ ජයසූරිය මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, පරීක්ෂණයක් පවත්වන බවය.

Read more

Local News