කලවංචිකුඩි, කල්මුණ මඩකලපුව මාර්ගයේ තේතාතිව් පිල්ලෙයාර් කෝවිල ඉදිරිපිට යතුරුපැදියක් අනතුරට ලක් වී පුද්ගලයෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි.
මියගොස් තිබෙන්නේ 42 හැවිරිදි කළුදාවලී ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය කලවංචිකුඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කලවංචිකුඩිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.