ලංකා අයි. ඕ. සී සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
එම සමාගම පවසන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමන බවත්, එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලිටරයක මිල රුපියලි 5 කින් ද ඉහල දමන බවයි.
මීට අමතරව සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 02කින් ද ඉහල දැමිමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කට ද, ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමයර් පෙට්‍රල් ලීටරයක් රුපියල් 167කට ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 136කට ද අයි.ඕ.සී සමාගම මගින් අලෙවි කරනු ඇත.