තැන් දෙකක දී සිදුවු අනතුරුවලින් 2ක් මරුට

Share

පානදුර දකුණ සහ රුවන්වැල්ල යන ප්‍රදේශ වලදී සිදු වු රිය අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගාලු පාරේ පානදුර ඔරලෝසු කණුව අසලදී ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තත්වයේ පසුවු මෝටර් රථයේ රියදුරු පානදුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අවිස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි අම්පාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News