ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තහවුරුකර පසු පාසල් විවෘත කරන්න

Share

පූර්ණ ආරක්ෂාව ලබා දුන් පසුව ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තහවුරුකර පසු පාසල් විවෘත කරන්නේ නම් එය යහපත් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේ නොමැතිව පාසල් විවෘත කරමින් දරුවන් බිල්ලට දිය නොහැකි බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(11) පෙරවරුවේදි මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර එම අවස්තාවේදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍ය වාරණයන් සිදු කිරීම තුලින් ජනතාව අතර අසත්‍ය ප්‍රකාශය ප්‍රචාරය විය හැකි බවත් එම නිසා රට තුල බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දා සිදු වු ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරු ලැබි තිබුණද අදාල බලධාරින් නිසි ලෙස කටයුතු නොකළ බවද ඒ මහතා බවයි.

Read more

Local News